දළදා මාළිගාව, ථූපාරාමය, ශ්රී මහා බෝධිය සහ දඹුලු විහාරය ඇතුළු ආගමික ස්ථාන කිහිපයකට ප්රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් සැකකරු පණිවිඩ ප්රචාරය කර ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි පහක් ලැබී ඇති බවත්, ඒ අනුව අදාළ තර්ජනාත්මක පණිවිඩ ප්රචාරය කළ සමාජ මාධ්ය කණ්ඩායම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් අමාත්යවරයා පැවසීය.
ඉබ්බාගමුව ප්රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
විමර්ශනවලදී සැකකරු මුස්ලිම් ජාතිකයන්ගේ අනන්යතාවන් ව්යාජ ලෙස භාවිත කරමින් සමාජ මාධ්ය ගිණුම් නිර්මාණය කර, එම ගිණුම් ඔස්සේ තර්ජනාත්මක පණිවිඩ ප්රචාරය කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද අමාත්ය විජේපාල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අදාළ පොලිස් බුද්ධි අංශ සහ විමර්ශන ඒකක මඟින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
ජාතිය හෝ ආගම නොසලකා, වාර්ගික හෝ ආගමික වෛරය පතුරුවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව ද අමාත්යවරයා අවධාරණය කළේය.


