ජල නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් හදිසි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම නිසා බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය ආසන්නයේ ඩී.එස්. සේනානායක මාවතේ කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට එම ස්ථානයේ මාර්ගය කැණීමේ කටයුතු සිදු කෙරෙන බැවින්, මොඩල් ෆාම් හන්දියේ සිට පාර්ලිමේන්තු පාර, කාසල් වීදිය සහ මොඩල් ෆාම් ප්රදේශය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරන රථවාහනවලට බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව, රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දී ඇත.
යෝජිත විකල්ප මාර්ග දෙකක් මෙසේය.
- මොඩල් ෆාම් හන්දියෙන් හැරී ඕල්ඩ් බුලර්ස් පාර සහ කනත්ත වටරවුම ඔස්සේ ගමන් කිරීම.
- ආයුර්වේද වටරවුමේ සිට කෝට්ටේ පාර ඔස්සේ බොරැල්ල හන්දිය දෙසට ගමන් කිරීම.
රථවාහන තදබදය අවම කරගැනීම සඳහා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.


