බිත්තර -කුකුලු මස් මිල පහළට

වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස්  සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 26 ත් 30 ත්  අතර මිලකටත් කුකුලුමස් කිලෝව රුපියල් 650 ත් 850 ත් අතර මිළකටත් අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.

බිත්තර සහ කුකුලු මස්  නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම  මිල පහල යාමට හේතුවී ඇතැයිද මස් සහ  බිත්තර නිශ්පාදකයෝ  සඳහන් කරති.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 500 ත් 520 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. මේ අතර කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *