බලය ගත යුතු ක්‍රමය ගැන ජනපතිගෙන් විපක්ෂයට පාඩමක්

විපක්ෂයේ පක්ෂ වලට ආණ්ඩුවක් ගන්න ඕන නම් කළ යුතු එකම දේ ” අපිට වඩා හොඳ වීම” යැයි ජනාධිපති අනුර දිසානායක මහතා පුත්තලම ජන රැලියේ දී පැවසීය.

නමුත් ඔවුන් ඉන්නේ ජාතික ජන බලවේගයට වඩා ගව් ගණනක් පිටුපසින් නරක තැනක බව කී ජනාධිපතිවරයා ඉස්සරහට හොඳ වුනොත් ඔවුන්ටත් දිනන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළිය පැවැත්විණි.

” හවසට ටී. වී එකේ අඬන පිරිසක් ඉන්නවා. ඒ අය අඬනවා, අපි වැඩ කරනවා. ජනතාව ඉන්නේ අපි එක්ක.ආණ්ඩුවේ අපි වැඩ කරන විදියට ඒ අයගේ ජීවිත කාලයටම ආපහු ආණ්ඩුවක් ලැබෙන එකක් නෑ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *