බන්ධනාගාර අපරාධකරුවන් පුහුණු කරන මධ්‍යස්ථාන බවට පත්වෙලා – නීතිපති

මෙරට බන්ධනාගාර අපරාධකරුවන් පුහුණු මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තුළ සමාජයේ අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතින බවයි.

බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් අතර පවතින හිතවත් කම් මත බන්ධනාගාර සංස්කෘතිය වෙනස්ම තත්තවයක් ලෙසින් ඉස්මතු වෙමින් පවතින බවත්, එය දැඩි අවදානම් තත්ත්වයක් බවට හඳුනාගෙන ඇති බවත් නීතිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19)කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණ එහි නිලධාරීන් ඇමතූ අවස්ථාවේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *