බදු පනතක් අත්හිටුවයි

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත.

එම බද්ධ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන් එකී බදු පනත අත්හිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇතැයි රජය කියයි.ඒ පනත අතීටුවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *