පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම සජබෙ අල්ලගෙන – ජනාධිපති රනිල්

අද සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතැයි ද මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් යැයිද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *