2026 පෙබරවාරි 23 වැනිදා පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.
අදාළ මිලදී ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්රමවේදය යටතේ ටෙන්ඩර් කැඳවා තිබූ අතර, ඒ සඳහා දේශීය සැපයුම්කරුවන්ගෙන් ලංසු හතක් ඉදිරිපත් වූ බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලැබුණු ලංසු පුළුල් ලෙස ඇගයීමෙන් අනතුරුව, අවශ්ය සුදුසුකම් සපුරාලූ අඩුම මිල ඉදිරිපත් කළ ලංසුකරු ලෙස ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින් පීඑල්සී (DIMO) සමාගම තෝරාගෙන ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, ටාටා යෝධා (TATA Yodha) තනි කැබ් පිකප් රථ 200ක් මිලදී ගැනීමට නියමිතය.
එක් රථයක් සඳහා වැට් බදු හැර රුපියල් 4,785,000ක මුදලක් වැය වන බව රජය සඳහන් කරයි. ඒ අනුව, රථ 200 සඳහා වැට් බදු රහිත මුළු මිල රුපියල් මිලියන 957කි.


