පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක්

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධව ඊට විසදුම් සහ නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත පොලිස් මූලස්ථානයේදී ඉකුත් දා  බාරදෙනු ලැබීය.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාල පරීක්ෂණ සදහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස්වීම් ප්‍රමාදවීම පිළිබදව සොයාබලා ඊට විසදුම් සහ යෝජනා මෙම වාර්තාවේ සදහන්වේ.

නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *