පොත අස්සේ පිස්තෝලය සඟවන වීඩියෝව පද්මේ ළඟ තිබී මාධ්‍යයට

පසුගිය පෙබරවාරි මස 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලද ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තාගේ ඝාතනයට අදාළ නව සාක්ෂියක් ලෙස වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එම වීඩියෝවෙහි, ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය සූදානම් කරන ආකාරය පැහැදිලිව දර්ශනය වේ.

නීතිඥවරුන් භාවිත කරන ඝනකම් පොතක පිටු කපා සකස් කළ කුහරයක් තුළ පිස්තෝලය සූක්ෂම ලෙස සඟවන අයුරු මෙම වීඩියෝ පටයේ දැක්වෙන අතර, අධිකරණය තුළට ගිනි අවිය රැගෙන ගොස් ඇත්තේ මෙම ක්‍රමවේදය භාවිත කරමිනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනය සිදු කිරීමට දින කිහිපයකට පෙර යම් පුද්ගලයෙකු විසින් මෙම දර්ශන රූගත කර, අපරාධයේ ප්‍රධාන සැකකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ වෙත යවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *