පුංචි රෝහල් දියුණු කරන්න ආසියා සංවර්ධන බැංකු සහය

ද්විතීයික සත්කාර රෝහල් වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල් වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්විතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම් දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍ය කරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත් අරමුණු කර තිබේ.

ප්‍රතිඵල පාදක ණය දීමේ ක්‍රම වේදය හරහා ලබා දෙන එකී අරමුදල් යොදා ගනිමින්, මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *