පාප් වහන්සේට ලංකාවට එන්නැයි විධිමත් ආරාධනයක්

දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් හමුවේ පැවසීය.

අග්‍රාමාත්‍යවරිය සහ අග රදගුරු තුමන් අතර හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. ලියෝ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වන යෝජනාව පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය එම යෝජනාව පිළිගනිමින් සඳහන් කළේ පාප් වහන්සේට විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *