පළමු අර්ධයේ අපනයනය සියයට 6.8කින් වර්ධනය වෙයි

මෙම වසරේ පළමු අර්ධයේදී ජනවාරි 1 වැනිදා සිටි ජුනි මස 30 දක්වා මාස හයක කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා ඇතුළුව සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10.1 ක් දක්වා සියයට 6.8 ක වාර්ෂික ලක්ෂමය වර්ධනයක් වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව  විසින් අගෝස්තු මස 1 වැනිදා නිකුත් කර ඇති මහා බැංකු වාර්තාවකින් අනාවරණය වෙයි.

කෙසේ වුවද ඉකුත් 2024 ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේදී අපනයනවලට වඩා ආනයනවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා වෙළඳ භාණ්ඩ ගිණුමේ හිගය පුලුල්වී ඇති බව එම වාර්තාවෙි සඳහන් වෙයි.

මෙම වසරේ පළමු  මාස හය තුළදී සේවා අංශයේ සුද්ධ ලැබීම් එක්සත් ජනපද ජනපද ඩොලර් බිලියන 2.1 කි.එකුත් 2024 වර්ෂයේ පලමු මාස හය තුලදී සේවා  අංශයේ සුද්ධ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.9 ක් බව මෙම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

එසේම මේ වසරේ පළමු  බාගය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ පේෂණ ලැබීම් එක්සත් ජනපදය ඩොලර් බිලියන සියයට 3 .1 කි.මේ අනුව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සියයට 18.9 ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තාව  වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *