නව වන සංරක්ෂණ අධ්‍යක්ෂ පත්වෙයි

වන සංරක්ෂක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වන සංරක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025-07-08 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

ඒ අනුව, පරිසර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, පුරප්පාඩු වී ඇති වන සංරක්ෂක ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් (වන ආරක්ෂණ, මෙහෙයුම් හා කළමනා කරණ) ලෙස සේවය කරනු ලබන ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. පී. එස්. සී. පාලමකුඹුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *