නව ජනපතිට IMF සුබ පතයි

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

ජනාධිපති වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව ද ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *