දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට අධික ආදායමක් ලබා ඇත බවත් එම කාලය තුළ දේශීය සහ විදේශීය නරඹන්නන් 15,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ආදායම ඊට වඩා වැටිවිය හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.