පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම සඳහා දිවයින පුරා එල්පී ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
එල්පී ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් FRANCOIS නෞකාව ඔක්තෝබර් 18 වැනිදා ශ්රී ලංකාවට පැමිණි අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සමාගම සඳහන් කළේය.
මේ අතර, තවත් එල්පී ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් සිව්වැනි නෞකාව වන CORINTHIAN ඔක්තෝබර් 22 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම ගෑස් තොග හරහා දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාමටත්, හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිතිපතා බෙදාහැරීමටත් හැකි වනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පැවසීය.
දිවයින පුරා අඛණ්ඩව එල්පී ගෑස් ලබාගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා අවශ්ය පියවර ගනිමින් සිටින බව ද සමාගම පාරිභෝගිකයන්ට සහතික කළේය.


