දරුවන් ඡන්ද වැඩට එපා

දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ සහ ඡායාරූප සංසරණය  වෙමින් පවතී.

සුරකිමු දරුවන් ජාතික ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (11) පැමිණිල්ලක් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ”සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළත් කිසිදු පියවරක්  ගෙන නැති  බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ  ළමාරක්ෂක අධිකාරියට මැදිහත්වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකීමක් තිබෙන බවයි.

මේවා අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දේවල් නොවන බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *