තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ

තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ.

සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ දත්ත පද්ධතියට අදාල ගිවිසුම පසුගිය මැයි මස 31 වැනිදා අවසන් වීමෙන් පසු එම පද්ධතිය මෙසේ අඩපණවීඇත.

මෙහි පිළිසකර කටයුතු එම කාර්යාලයේ තොරතුරු  කළමනාකරණ කණ්ඩායම යුද හමුදාවේද සහාය ඇතිව කරගෙන යන නමුත්  දත්ත පද්ධතියේ  ක්‍රියාකාරීත්වය  ඉතාම මන්දගාමී මට්ටමක පවතින බව  එහි නිලධාරිනියක් පැවසුවාය.

මෙහි මුල්ම කඩා වැටීම සිදුවී ඇත්තේ ජුලි  12  වැනිදාය. එදින සිට සතියක කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු  පැවසුවේ පිළිසකර කිරීමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එම පිළිසකර කටයුතු සඳහා අනිද්දා  බදාදා දිනය තෙක් කල් ලබා දෙන බවයි.

යුද හමුදාවේ කණ්ඩායමට මෙය පිළිසකර කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමාගම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ වැඩ කටයුතු මෙසේ අඩපණවීමෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දුෂ්කරතාවයට පත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *