රැකියා විරහිත උපාධිධාරීහු පැලවත්තට

වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා දෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැලවත්තේදී ඊයේ (11) පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

විරෝධතාකරුවන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය දෙසට යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේදී පොලිසිය එය වැලැක්වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්වය ඇතිවිය.

එහිදී විරෝධතාකරුවෝ වර්ෂාව මධ්‍යයේදී ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට පැය කීපයක් විරෝධය දැක්වීමෙන් පසුව විසිර ගියහ.

‘රැකියාවට අයිතියක් — දුන් පොරොන්දු ඉටුකරනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධයේදී රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය දක්වා පාගමනින් ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය වෙත යමින් සිටියදී පොලිසිය එම පෙළපාලියට බාධා කළේය.

මෙම විරෝධතාවට දහසක පමණ උපාධිධාරීන් සහභාගි වී සිටි අතර ‘සියලු උපාධිධාරීන්ට වාහා රැකියා ලබාදෙනු, පොරොන්දු වූ රැකියා කෝ සහ උපාධිධාරීන් මහ පාරේ ආණ්ඩුව මර නින්දේ’ ආදි පාඨ සටහන් කළ විශාල පුවරු අතැතිව ඔවුහු විරෝධතාව දැක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *