මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරු විදෙස්ගතව සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ආ බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කිහිපයකට අදාළව මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි බව සඳහන් වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දෙහිවල පොලිසිය සහ මිරිහාන පොලිසිය විසින් සිදුකරනු ලබන අතර, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධ සිද්ධීන් මවුන්ට් ලැවීනියා සහ දෙහිවල පොලිස් ස්ථාන මගින් විමර්ශනය කරමින් පවතී.
අනතුරුදායක හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව විමර්ශන පවතින බව පොලිසිය සඳහන් කළේය.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයා ගත් බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.



