ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සත්යග්රහයක නිරතව සිටින කොළඹ විහාරමහාදේවි උද්යානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් රැගෙන කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ. අදාළ පිරිසට එම පරිශ්රයේ රැඳී නොසිටින ලෙස එම නියෝගයෙන් දැනුම් දී තිබේ.
එම ස්ථානයේ සිටින මාධ්යවේදීන් වාර්තා කළේ, අධිකරණ නියෝගය කියවා දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි.


