නව සන්ධානයේ සභාපති දිනේෂ් ගුණවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම පිළිබඳ  මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී  පැවැත්විණි.

නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ජනපතිට සහාය පළ කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණ වලදී මෙම නව සන්ධානයෙන් තරඟ කිරීමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනපතිට සහාය පළ කිරීමට එන පොදු ජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන්ද මෙම නව සන්ධානය විවෘත බව එම මන්ත්‍රී කණ්ඩායම් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *