ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.

ක්‍රීඩා හා තරුණ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව  පත්කළේය.

ප්‍රියන්ත ඒකනායක මහතා රග්බි සහ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර ඔහු නවසීලන්ත සහ වේල්ස් රග්බි සමාජ ද නියෝජනය කළ දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්ය සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥ, රුක්මන් වෑකඩපොළ –  ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උපදේශක සහ ක්‍රීඩා විනිසුරු, සිදත් වෙත්තමුණි – ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක, චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ, රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩක, නිරෝෂන් විජේකෝන් – බැඩ්මිටන් ක්‍රීඩක, මුරාද් ස්මයිල් – ශ්‍රී ලංකා මේසපන්දු පරිපාලක,  රොෂාන් මහනාම – හිටපු ක්‍රිකට් නායක, සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය, ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකා, මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපති සහ ශානිත ප්‍රනාන්දු –  හිටපු රග්බි ක්‍රීඩක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *