ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු වහාම අවලංගු කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මාල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති (DIG) අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පැවති රැස්වීමකදී ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත.

අවලංගු කළ ස්ථාන මාරු අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් පරීක්ෂකවරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන්ගේ ස්ථාන මාරු ද ඇතුළත් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *