ජනපති රාමඤ්ඤ මහා නා හිමි බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත  පැමිණ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කළේය.

එසේම පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාල ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාලව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳවද ජනාධිපතිවරයා මහා නා හිමි දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *