ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතා වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි මහා නා හිමි සමඟද කෙටි පිළිසඳරක නිරත විය.
මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය යන මහත්වරුද එක්ව සිටියහ.