ජනපති නාගදීපයට යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නාගදීප රජමහා විහාරය වෙත ගොස්  විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමි මෙහිදී ආගමික වතාවත් කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *