ජනතාවට සහන මිලට භාණ්ඩ: නව සතොස ශාඛා හතරක් ජනතා අයිතියට

ගම්පහ, වතලාව (Watalawa), දික්ඔය සහ රිදීගම යන ප්‍රදේශවල නව ලංකා සතොස ශාඛා හතරක් නොවැම්බර් 17 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි නව ලංකා සතොස ශාඛාව විවෘත කිරීම වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ගම්පහ නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා, ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




