ඡන්දෙ ගන්න රා බෙදලා

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් හරවා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ඡන්දදායකයන් අතර මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව එම විශේෂ පරීක්ෂණය ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් මෙලෙස මහා පරිමාණයෙන් රා බෝතල් බෙදා හරිමින් තිබෙන අතර එම නිසා ඇතැම් වතුකම්කරුවන් දිනපතා රැකියාවට පැමිණීමේ කැපීපෙනෙන අඩුවක් පවතින බවද වතු අධිකාරීවරුන් සඳහන් කරන බවද මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

සති දෙකක පමණ කාලයක සිට වතුකරයේ ඡන්දදායකයන් අතර මෙලෙස මහා පරිමාණයෙන් රා බෙදා හරිමින් තිබෙන අතර ඇතැම් පිරිස් කලහකා රී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *