චරිත රත්වත්තේට ඇප

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළේය.

සැකකර චරිත රත්වත්තේට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීය.

ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී  ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්  ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *