ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි

ඝාතන සාධාරණීකරණය කරන  ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන  ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී  පැවැසීය.

මුජිබුර් රහුමාන්  මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ  මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයෙනි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා මහ දවල් ඝාතනය කළා. ඔහු ඝාතනය කෙරුණේ රාජකාරියේ යෙදී සිටියදී.ශිෂ්ඨ සම්පන්න සමාජයක නම් මනුස්සයෙක් ඝාතනය වුණාම ශෝකය පළ කරනවා. මහජන ආරක්ෂක ඇමති ළඟ ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණ තිබුණේ නෑ. පටන් ගත්තේ පාතාල කියලා හංවඩු ගහගෙන. ඒ ඝාතනය සාධාරණීකරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *