ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ජූලි 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම ඊයේ (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

රජයේ වැටුප් සම්බන්ධයෙන් සිදුකෙරෙන බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ජුනි 18 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුට රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *