වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාක්මත කළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.
එම වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන ද අද පස්යාල ප්‍රදේශයේ දී අත්හිටුවීමට තීරණය කර තිබේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 04 වනදා මහනුවර සිට කොළඹ බලා පැමිණෙන විරෝධතා පා ගමන අද සිව්වන දිනට පස්යාල නගරයෙන් ගමන් ආරම්භ කළේය.
පාගමන අද නිට්ටඹුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණත් පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පුජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේය.
“ඊයේ දවස වන විට විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු – විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා පවතින තත්ත්වය යටතේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට ගෙන රටේ පවතින තත්ත්වය සමඟ ඉදිරියේ දී අරගලය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස. ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා. අපේ මහානායක හාමුදුරුවෝ ප්‍රධාන අපිට ආශිර්වාද කළ සියලු පාර්ශව අපිව දැනුවත් කළා ගුරු – විදුහල්පතිවරුන් විදියට සංවේදීව අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනවා තාවකාලිකව. කොවිඩ් වසංගතය අද ව්‍යවසනකාරී තත්ත්වයකට ඇවිල්ලා පැයකට 4 දෙනෙක් මියයන තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙල නිසා. ආණ්ඩුව මේ ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගොඩට දාලා ඇඟ බේරා ගැනීමේ උත්සහයක් ගනිමින් ඉන්නවා. මෙය තේරුම් ගත්ත අපි මෙම ව්‍යාපාරය තාවකාලිව අඩියක් ආපස්සට ගන්නවා. “
මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි සතිය තුළ විරෝධතා සංවිධානය කර නොමැති බවය.
කෙසේවෙතත් වැටුප් විෂමතා ඉවත් කරන තුරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැර වීම ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ගයේ තවදුරටත් නිරත වන බව ගුරු සංගම් කියාසිටියේය.