ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තාවකාලිකව නතර කරේ

නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම (21) දින තෙක් තාවකාලිකව තහනම් කර තිබුණද, (21) දිනයේත් පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ බෝට්ටු පැදීම  අත්හැර දැමීමට බෝට්ටු හිමිකරුවන් විසින් තීරණය කර ඇත.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගරසභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබුණි.

පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්න බවයි බොට්ටු හිමියන් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *