කොළඹටත් මහා ගංවතුර අනතුරු ඇඟවීම්

කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල පිට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ , පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම. කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *