කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 06ක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා තත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

ඒ අනුව පහත දැක්වෙන මහල් නිවාස හුදෙකලා තත්වයෙන් ඉවත් කරනු ඇත.

මෝදර මෙත්සඳ සෙවණ
මට්ටක්කුලිය රන්දිය උයන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර
මෝදර මිහිජය සෙවණ
දෙමටගොඩ මිහිදුසෙත්පුර

මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නිවාස සංකීර්ණ ආශ්‍රිතව සිදු කළ යුතු පීසීආර් පරීක්‍ෂණ නිමකිරීමෙන් ලැබුණු ප්‍රතිඵල පදනම් කර ගනිමින් බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *