කොළඹ – මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වහයි

වාහන ගමනා ගමනය සඳහා විවෘත කොට තිබූ කොළඹ නුවර ඒ 01 මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා පෙරවරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා ඊයේ සිට විවෘත කෙරුණි.

එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පවසා සිටියේ කඩුගන්නාව දුර්ගයේ ඉහළ කඳු ගැටවල අවදානම් ලෙස රැඳී ඇති විශාල ගල් රසායනික ද්‍රව්‍ය යොදා පිපිරවීම රාත්‍රී කාලයේ සිදුකරන බැවින් මාර්ගය වසා දැමීමට පියවර ගත් බවයි.

එම ගල් පුපුරවා හැරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බව පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *