කැලෑ රකින්න ‘ගිනි පාලන සතියක්’

වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ(24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බව නව සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පවසයි.

ගිනි ඇතිවීමෙන් පසු නිවා දැමීම අසීරු මෙන්ම එම ගිනිගැනීම්වලින් වන පරිසර හානිය නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවත් එම එම කැලෑ ගිනිගැනීම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වන ඒවා මිස ලැව්ගිනි යැයි මෙතෙක් වාර්තා වී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ඒ හේතුවෙන් මෙම තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙසේ ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කළ බව ද නව සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *