කැඩුණු පාරවල් හදන්න වරාය නගර සමාගම එයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කොළඹ  වරාය  නගර  CHEC (Port City Colombo) පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී.

එම සමාගම විසින් මේ වන විට ආපදා සහන යන්ත්‍ර සහ විශේෂඥ කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩසටහන සඳහා සහාය වෙමින් පාලම් අළුත්වැඩියා කටයුතු, මාර්ග ප්‍රතිසංස්කරණය සහ ඉංජිනේරුමය තක්සේරු කිරීම් සඳහා විශේෂඥ තාක්ෂණික දැනුම ලබා දීමට ද කොළඹ වරාය නගර CHEC පුද්ගලික සමාගම කටයුතු කර ඇත.

මාර්ග පද්ධතිය යථාවත් කිරීම, බෑවුම් ශක්තිමත් කිරීම  සහ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීම සහ ඉදිකිරීමේ සඳහා යොදා ගන්නා යන්ත්‍ර 12ක් සහ පුහුණු තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් මධ්‍යම පළාතට යවා ඇති අතර කැණීම් යන්ත්‍ර, බැකෝ යන්ත්‍ර සහ ප්‍රවාහන ට්‍රක් රථ ඊට  ඇතුළත් වේ.

මෙම යන්ත්‍ර සූත්‍ර මහනුවර සිට නුවරඑළිය දක්වා දිවෙන A5 මාර්ගයේ මෙම මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ.

CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා විසින් මෙම යන්ත්‍ර  නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බාර දෙනු ලැබූ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *