කැකිරාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාමරයේ ඊයේ සුළු පිපිරීමක් සිදුව ඇති බව කැකිරාව පොලිසිය පවසයි.
ලේකම් කාර්යාලයේ කාර්යාල කාමරයේ වැසිකිලිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව ඔවුහු පවසති.
පිපිරීම සිදුවන අවස්ථාවේ ප්රාදේශීය ලේකම් කාර්යාලය කාමරයේ සිටි නමුත් තුවාල සිදුවී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


