කාන්තා නියෝජනයකට ඉඩ නොදීම- ගීතා කේන්තියෙන්

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම  දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවනට නිසි තැන, සම තැන දිය යුතු යැයි  කතා කළ ද  පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක්  සිටින බවද රාජ්‍ය  අමාත්‍යවරිය කියා සිටියේය .

රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව සියලු පක්ෂ නායකයින් මීට වඩා උනන්දු විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරිය  මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර  අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයිද  කීවාය.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *