“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තොටළඟට වනාන්තරයක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ ආරම්භ කෙරිණි.

ඒ අනුව තොටළඟ කොළඹ මහ නගර සභාවට අයත් භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආරක්ෂණීය නාගරික වන වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත.

පාරිසරික වටිනාකමකින් යුත් මෙම පැළ ආරක්ෂා කර රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස මාදම්පිටිය ශ්‍රී සංඝබෝධී මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් වෙත වගකීම් පැවරීම මෙහි විශේෂත්වයකි.

එම අවස්ථාව සනිටුහන් කරමින් පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *