ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව ඉදිරි මැතිවරණයකදී හෙළිකරනවා – අර්ජුන රණතුංග

ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්නී තිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

රටවල් පහක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නීතීඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රදර්ශනාත්මකව ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *