ඊයේ (22) නිකුත් කළ නිවේදනයකින් ජාතික ගුවන් සේවය තහවුරු කළේ කොළඹ–රියාද් සහ කොළඹ–දම්මාම් අතර ක්රියාත්මක සියලුම ගුවන් ගමන් නොවැම්බර් 1 වැනිදා ද ඇතුළුව එදින දක්වා අත්හිටුවා ඇති බවයි.
කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සිය ප්රමුඛතම වගකීම බවත් ගුවන් සේවය සඳහන් කළේය.
වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු තත්ත්වයක් පවතින බවට තක්සේරු කිරීමෙන් පසුව එම ගමනාන්ත දෙක වෙත ගුවන් ගමන් යළි ආරම්භ කරන බව ද ශ්රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් ප්රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට මගීන්ට පහත දුරකථන අංක සහ සන්නිවේදන මාර්ග ඔස්සේ ගුවන් සේවය සම්බන්ධ කරගත හැකිය.
- ශ්රී ලංකාව තුළ: 1979
- ජාත්යන්තර ඇමතුම් සඳහා: +94 11 777 1979
- WhatsApp (කෙටි පණිවිඩ සඳහා පමණි): +94 74 444 1979
සංචාරක නියෝජිතයන් හරහා හෝ ශ්රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com ඔස්සේ ද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
ගුවන් ගමන් අත්හිටුවා ඇති කාලසීමාව තුළ මගීන් දැක්වූ අවබෝධය සහ සහයෝගය සම්බන්ධයෙන් ශ්රීලංකන් ගුවන් සේවය සිය ස්තුතිය පළ කළේය.


