කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 49ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාව සිකුරාදා (09) පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අජිත් පී. පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් විපක්ෂයේ ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගය පිළිබඳව සඳහන් කර තිබේ. එම සටහනේ ඔහු පවසා ඇත්තේ, “කථානායකවරයාට එරෙහිව චෝදනා 49ක්. විශ්වාසභංග යෝජනාව භාරදීම සිකුරාදා” යනුවෙනි.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් SJB මන්ත්‍රී කණ්ඩායම මීට පෙරද සාකච්ඡා කර තිබූ අතර, එහි අවසන් තීරණය සහ යෝජනාව භාරදෙන දිනය තීරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබිණි.
SJB මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කථානායකවරයාට එරෙහිව චෝදනා 40කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බවයි.


