කටාර් සිටින ලාංකිකයින් 273ක් මෙරටට රැගෙන එන ගුවන් ගමන අවලංගු කෙරේ

පසුගිය 19 වැනිදා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 466 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, ඉන් 70 කට පමණ පිරිසකට මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගම හෙට (26) දින කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණිමට නියමිතව තිබූ ශ්‍රී ලාංකිකයින් රැගත් ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සබදතා පිළිඹද අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-218 දරණ ගුවන් යානය හෙට දින අලුයම 5.45ට කටාර්, දෝහා නුවර සිට එරට රැදී සිටි ලාංකිකයින් 273 දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *