කංසා වලට දල්වා තිබූ රතු එළි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉවත් කෙරේ

කංසා අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තීරණයට එළඹ ඇත්තේ කංසා සහ කංසා භාවිතා කර සිදු කරන වෙනත් නිෂ්පාදන පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නිර්දේශ මාලාව සැළකිල්ලට ගනිමිනි.

අදාල යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ‍ කොමිසමේ සාමාජික රටවල් 53 න් රටවල් 27 ක් පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, කංසා අධි අවදානම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇත්තේ රටවල් 25 ක් පමණි.

ඒ අනුව හෙරොයින් ඇතුළු මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කරනු ලබන අතර, මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *