එළැඹෙන සතියේ හිරුණිකාගෙන් අභියාචනයක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියමකල සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් පවසයි.

පසුගිය 2015 වසරේදී දී තරුණයකු පැහැරගෙන ගොස්  සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය පසුගිය 28දින බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණු අතර. විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් විසිදහස බැගින් දඩ නියම කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *