එජාපයට නව උප සභාපතිවරයෙක්

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී නවීන් දිසානායක මහතාගේ පත්වීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

නවීන් දිසානායක මහතා මීට ඉහතදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ අතර පසුව එයින් ඉල්ලා අස්විය.

ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද දරා ඇති නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ රජය සමයේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයද දැරීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *